කැනඩා ලැව්ගැනි තවදුරටත් පැතිරේ


කැනඩාවේ ඇල්බර්ටා පළාතේ පැතිරී යමින් තිබෙන දරුණු ලැව් ගිනි නිසා තවත් විශාල පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර ඇති බවත්, පවතින කාලගුණික තත්ත්වයත් සමග ගින්න පාලනය කිරීමේ දැඩි අසීරු තත්ත්වයක් ඇති බවත් එරට බලධාරීහු පවසති.

කැනඩාවෙන් වාර්තාවන අන්දමට වර්ග කිලෝමීටර් 10,000ක් ඉක්මවූ ප්‍රදේශක ගින්න පැතිර ගොස් තිබූ අතර, එම ප්‍රමාණය මෙන් තවත් ප්‍රදේශයක් ගින්නට හසුවනු ඇති බවට විශ්වාස කෙරෙයි.

මේ අතර, ලැව්ගින්නත් සමග ජනතාව නිවාස අත්හැර ගොස් තිබුණත්, ඇතැම් දෙනා තම සුරතල් සතුන් නිවෙස්වල දමාගොස් ඇති බැවින් එම සතුන් බේරාගැනීමේ මෙහෙයුමක්ද අරඹා ඇති බව පවසයි.



Recommended Articles