කැනඩා ප්‍රකෝටිපති යුවළගේ මරණය ඝාතනයක් බව හෙළිවේ


කැනඩාවේ ටොරන්ටෝ නගරයේදී මීට මාසයකට පෙර සිය නිවසේදී අභිරහස් ලෙස මියගොස් සිටි ප්‍රකෝටිපති යුවළගේ අභාවය ඝාතනයක් බව හෙළි වී තිබේ.

75 වැනි වියෙහි පසුවූ බැරී සහ 70 වැනි වියෙහි පසුවූ හනී ෂර්මන් යුවළගේ සිරුරු පසුගිය වසරේ දෙසැම්බර් මස 15 වැනිදා හමුවිය.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් කිසිවෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බැවින් ඝාතනය සම්බන්ධ වැඩිදුර තොරතුරු අනාවරණය කළ නොහැකි බව පොලීසිය පවසයි.

මෙම සිරුරු හමුවීමෙන් දිනකට පසුව පොලීසිය පවසා සිටියේ මෙය ඝාතනයක්ද යන්න පිළිබඳ පරීක්ෂන සිදුකරන බවයි.

බැරී ෂර්මන් කැනඩාවේ ධනවත් පුද්ගලයන් කිහිප දෙනාගෙන් කෙනෙකු වූ අතර, ඔහුගේ බිරිඳ වඩාත් ප්‍රකට වූයේ සිය ධනය පුණ්‍යකටයුතු වෙනුවෙන් ප්‍රධානය කරන්නෙකු ලෙසිනි.

කෙසේ වෙතත්, මේ වනවිට ඔවුන්ගේ මරණය ඝාතනයක් බව හෙළි වී තිබේ.

1_043610425 2



Recommended Articles