IS ඉස්ලාම් රාජ්‍යයට එරෙහිව සිරියාව වෙත ප්‍රථම ගුවන් ප්‍රහාරය එල්ල කිරීමට කැනඩාව ඊයේ කටයුතු කළේය.
ඇමෙරිකාව ප්‍රමුඛ ඒකාබද්ධ ප්‍රහාරක සන්ධානයට එක්වෙමින් කැනඩාවේ සීඑෆ්-18 ප්‍රහාරය යානාවලින් සිරියාවේ, රඛ්ඛා නගරාසන්නයේ වූ ඉස්ලාමීය රාජ්‍ය ඉලක්ක වෙත සාර්ථකව ප්‍රහාර දියත් කර තිබුණි.
පසුගිය මාර්තු මාසයේදී කැනඩා පාර්ලිමේන්තුව විසින් ඉස්ලාම් රාජ්‍යයට එරෙහි ප්‍රහාරයන් පුළුල් කිරීමට අනුමැතිය ලබාදී තිබුණි.
මීට පෙර කැනඩා ප්‍රහාර ඉස්ලාම් රාජ්‍යයේ ඉරාක සීමාවට පමණක් සීමා විය.