කැටලෝනියාව තුළ වෙනම ස්වයං පාලනයක් ඇති කිරීමට උත්සාහ කිරීම නිසා ස්පාඤ්ඤ රජය විසින් බලයෙන් පහ කරනු ලැබූ එහි හිටපු ජනපති බෙල්ජියමේ පොලීසියට භාරවී තිබේ.
ස්පාඤ්ඤ රජය විසින් කැටලෝනියානු පළාත් ආණ්ඩුව විසුරුවා හැරීමෙන් පසුව බලයෙන් පහ කෙරුණු කාර්ල්ස් පුයිග්ඩෙමොන්ට් තවත් අමාත්‍යවරු පිරිසක් සමග බෙල්ජියමට පළා ගියහ.
කෙසේ වෙතත්, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ස්පාඤ්ඤ රජය යුරෝප සංගමයේ සහාය ඉල්ලීමටද සූදානම් වෙමින් සිටි අතර, මේ තත්ත්වය තුළ ඔහු බෙල්ජියමේ පොලීසියට භාරවී තිබේ.
කැටලෝනියාව තුළ ස්වයං පාලනයක් සඳහා පැවති ජනමත විචාරණයෙන් හිටපු ජනපතිවරයා විශිෂ්ට ජයග්‍රහණයක් ලැබූවද, එය රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් බව ස්පාඤ්ඤය පවසයි.
මේ ආකාරයෙන් ස්පාඤ්ඤ මධ්‍යම රජයට පිටුපාමින් සිදුකළ ක්‍රියාවලියේ අවසන් ප්‍රතිඵලය ලෙස පසුගියදා එම පළාත තුළ නිල වශයෙන් වෙනම පාලනය ස්ඵාපිත කිරීමට කැටලෝනියානු රජය කටයුතු කළේය.
මේ සමගම ක්‍රියාත්මක වූ ස්පාඤ්ඤ මධ්‍යම රජය එම පළාත් අණ්ඩුව විසුරුවා හරිමින් මෙම ක්‍රියාවලියට සම්බන්ධ කිහිප දෙනෙකුම අත්අඩංගුවට ගනු ලැබීය.