කැටලෝනියා ප්‍රතිඵලයෙන් ස්පාඤ්ඤයේ බෙදීම තහවුරුයි


ස්පාඤ්ඤයේ කැටලෝනියා මැතිවරණ ප්‍රතිඵලයෙන් යළිත් වරක් ස්පාඤ්ඤය බෙදී වෙන්වීම ප්‍රකට කරන බව දේශපාලන විචාරකයෝ පවසති.

කැටලෝනියාවේ ස්වයං පාලනයක් වෙනුවෙන් පැවති ජනමත විචාරණයෙන් පසුව, එහි පාලන බලය සියතට ගැනීමට ගිය ජනපති කාර්ල්ස් පුයිග්ඩෙමොන්ට් අත්අඩංගුවට ගැනීමට ස්පාඤ්ඤ රජය කටයුතු කළ අවස්ථාවේදී ඔහු බෙල්ජියමට පළා ගියේය.

කෙසේ වෙතත්, මෙම මැතිවරණ ජයග්‍රහණයත් සමග ඔහුට නැවත වරක් ස්පාඤ්ඤ රජය සමග සෘජු සංවාදයකට පැමිණීමට අවස්ථාව පැමිණ ඇති අතර, ඔහු දැනටමත් ඒ වෙනුවෙන් ස්පාඤ්ඤ රජයට ආරාධනාවක්ද සිදුකර තිබේ.

මේ අතර, මෙවර මැතිවරණයෙන් බෙදුම්වාදී පක්ෂ කිසිවකට පැහැදිලි ජයක් හිමි නොවීමද කැපී පෙනෙන සිදුවීමකි.

ඒ අනුව, කැටලෝනියාවේ පාලනය එක් පක්ෂයකට හිමි නොවන අතර, පාලනය සඳහා පක්ෂ තුනකවත් සන්ධානයකට පැමිණීමට සිදුවනු ඇත.

මේ අතර, ඡන්දයට මුහුණදුන් ස්පාඤ්ඤ අගමැති මරියානා රජෝයිගේ ජනතා පක්ෂය විසින් දිනාගෙන තිබුණේ ආසන 3ක් පමණි. මැතිවරණයට පෙර එම පක්ෂයට ආසන 11ක් හිමිව තිබුණි.

මෙය සැබවින්ම ස්පාඤ්ඤ අගමැතිවරයාගේ ජනප්‍රියත්වයට මෙන්ම, කැටලෝනියාව ස්පාඤ්ඤයේම කොටසක් ලෙස ඔහු ගෙනගිය මතය යළි නිශ්ප්‍රභ වීමක් ලෙසද දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

1_Catalan 2 3 4



Recommended Articles