කැටලෝනියාව ස්පාඤ්ඤ රජයේ විධාන නොපිළිගනී


ස්පාඤ්ඤ රජය විසින් කැටලෝනියාව තුළ සිය බලය තහවුරු කිරීමට උත්සාහ කළත්, කැටලෝනියානු බලධාරීන් කිසි විටෙකත් ස්පාඤ්ඤ රජයේ විධානයන් පිළි නොගන්නා බව අවධාරණය කර තිබේ.

කැටලෝනියානු පළාත් ආණ්ඩුවේ ප්‍රකාශකයෙකු මාධ්‍ය වෙත පවසා තිබුණේ කැටලෝනියානුවන්ගේ බලාපොරොත්තුවට එරෙහිව මධ්‍යම ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවයි.

මෙම පළාත් අණ්ඩුව බලයෙන් පහ කිරීමට මෙන්ම, එහි පාර්ලිමේන්තු බලතල අඩු කිරීමක් ගැන ස්පාඤ්ඤ අගමැති මරියානෝ රජෝයි පසුගියදා ප්‍රකාශයක් කර තිබුණි.

ඒ අනුව, මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ඔවුන්ගේ ස්ථාවරය ගැන කීමට කැටලෝනියානු පාර්ලිමේන්තුව එලඹෙන බ්‍රහස්පතින්දා රැස්වීමට නියමිතය.

මේ තත්ත්වය තුළ මෙම පළාත් නායකයන් විසින් කැටලෝනියාව තුළ ඒකපාර්ශ්වීය නිදහසක් ප්‍රකාශයට පත්කිරීමට බොහෝදුරට ඉඩ පවතින බව දේශපාලන විචාරකයෝ පවසති.   

1_Catalonia



Recommended Articles