කැටලෝනියාව ස්පාඤ්ඤයෙන් වෙන්වීම නොබෝ දිනකින්ලු?


ජනමත විචාරණයක් සමග ස්පාඤ්ඤයෙන් වෙන්වීමට කටයුතු කළ කැටලෝනියා පළාත තුළ නොබෝ දිනකින්ම ස්වයං පාලනයක් ඇති වනු ඇති බව එහි නායකයා පවසා සිටියි.

කාර්ලස් පුයිග්ඩමන්ට් පවසා සිටියේ තම රජය මෙම සතිය අවසානය අලුත් ආරම්භයක් ලෙස සලකා කටයුතු කරන බවයි.

කෙසේ වෙතත්, ස්පාඤ්ඤයේ 6 වැනි ෆිලිපේ රජතුමා පවසා සිටියේ මෙම ජනමත විචාරණය පැවැත්වූ සංවිධායකයන් සම්පූර්ණයෙන්ම නීති විරෝධීව, එරට ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක නිරතව ඇති බවයි.

මේ වනවිට ස්පාඤ්ඤයේ ඇතිවී තිබෙන තත්ත්වය අතිශය භයානක බව පැවසූ රජු, වහා සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බවද අවධාරණය කරයි.

මැතිවරණය පැවති පසුගිය ඉරිදා දිනයේදී ඊට බාධා කරමින් ස්පාඤ්ඤ පොලීසිය හැසිරුණු ආකාරය සම්බන්ධයෙන් මේ වනවිට කැටලෝනියා පළාත පුරා විරෝධතා පැවැත්වෙයි.

පොලීසියේ මෙම බාධා කිරීම් හේතුවෙන් 900ක පමණ පිරිසක් හිංසනයට පත්වූ බවත්, ඒ කාලය තුළ පොලිස් නිලධාරීන් 33 දෙනෙකුද තුවාල ලැබූ බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.

කැටලෝනියා යනු ස්පාඤ්ඤයේ සුප්‍රසිද්ධ බාසිලෝනා නගරය පවා පිහිටි පළාත වන අතර, ඔවුන් වසර ගණනාවක් සිට මෙම පළාත සඳහා වෙනම පාලනයක් ඉල්ලා බල අරගලයක යෙදෙයි.

1_Catalonia 2 3 4



Recommended Articles