මෙල්බර්න් නුවරදී කැංගරුවෙකු වෙඩි තබා මරා දමමින්, එම සත්ව මළ කඳ පුටුවක හිඳුවා, එම සත්වයාගේ ඉදිරි ඝාතයක මත්පැන් බෝතලයක් එල්ලා ප්‍රධාන මාර්ගයක් අසල තැබූ පුද්ගලයන් සොයා පරීක්ෂණ අරඹා තිබේ.
ඔස්ට්‍රේලියානු වනජීවී නිලධාරීන් පවසන්නෙ මෙම සත්වයාට වෙඩි පහර තුනක් එල්ල කර ඇති බවයි. පසුව එම සත්ව මළකුණ පුටුවක තබා බැඳ දමමින් උන්මත්තක විනෝදයක් ලබා ඇති බවද ඔවුහු පෙන්වා දෙති.
මෙම සිදුවීම පසුගිය මාසයේදී වාර්තා වුවත්, එම ඡායාරූපය මහජනයා වෙත නිකුත් කර තිබුණේ මෙම සතියේදීය. මෙම ඝාතනය සිදුකළ පුද්ගලයන් පිළිබඳ තොරතුරක් දැනගැනීම සඳහා මෙම ඡායාරූපය ප්‍රසිද්ධ කර තිබූ බව කියැවෙයි.
කෙසේ වෙතත්, ඔස්ට්‍රේලියාවේ වන සත්ව ආරක්ෂණ නීති ප්‍රකාව මෙවැනි රක්ෂිත සත්වයෙකු මරා දැමීමට එරෙහිව ඇ.ඩො.27,700ක දඩයකට හෝ වසර දෙකක සිර දඬුවමකට යටත් කළ හැකිය.
වික්ටෝරියා ප්‍රාන්තයේ පරිසර, ඉඩම්, ජලජ හා සැලසුම් දෙපාර්තමේන්තුව පවසන්නේ මෙම අපරාධ වැළැක්වීම සඳහා ඔවුන් මේ වනවිට පොලීසිය සමග සහයෝගයෙන් කටයුතු කරන බවයි.