ඇමෙරිකානු ජාතික අබ්දුල් රහ්මන් කාසින්ගේ ගෙල සිඳ ඝාතනය කළ ISIS ඉස්ලාමීය අන්තවාදීයාගේ අනන්‍යතාව තහවුරු කරගැනීම සඳහා බටහිර බුද්ධි අංශ කටයුතු කරමින් සිටියි.
26 හැවිරිදි කාසින්ග් ඉස්ලාමීය අන්තවාදීන් අතින් ගෙල සිඳ ඝාතනයට ලක්වූ පස් වැනි බටහිර ජාතිකයා බව විදෙස් පුවත් සේවා පවසයි.
මේ අතර, ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙන පරිදි එම ඝාතනය දැක්වෙන වීඩියෝවේ සිටින එක් අන්තවාදියෙකු ප්‍රංශ ජාතිකයෙකු බව කියැවෙයි.
ඉන් තවත් අයෙකු බ්‍රිතාන්‍ය ජාතිකයෙකු ඩේලිමේල් පුවත්පත මීට පෙර වාර්තා කර තිබුණි.
කෙසේ වෙතත් විනාඩි 16ක කාලයක් ඇදී යන එම වීඩියෝවේ සිටින ජිහාඩ් අන්තවාදීන් අතර තම පුතා නොමැති බව බ්‍රිතාන්‍ය ජාතිකයෙකු පවසමින් ඩේලිමේල් පුවත ප්‍රතික්ෂේප කර ඇත.