කාෂ්මීරයේ විදෙස් සංචාරකයෙක් ගල්මුල් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට


ඉන්දියාවේ කාෂ්මීර ප්‍රාන්තයේ පැවති ප්‍රචණ්ඩකාරී උද්ඝෝෂණයක් අතරවාරයේදී ගල්මුල් ප්‍රහාරයකට කොටුවීමෙන් එරට සංචාරය කළ සංචාරකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

චෙන්නායි සිට කාෂ්මීර පළාතේ වඩාත් ප්‍රකට හිමමත ලිස්සා යෑමේ ප්‍රදේශයක් ලෙස සැලකෙන ගුල්මාර්ග් වෙත ගමන් කරමින් සිටියදී මෙම සංචාරකයා මෙම ප්‍රචණ්ඩකාරී උද්ඝෝෂණවලට කොටුවී ගල් ප්‍රහාරයට ගොදුරුව ඇති බව විදෙස් වාර්තා පවසයි.

මෙම උද්ඝෝෂණ සමග ඇති වූ ගැටුම් හේතුවෙන් තවත් තරුණයෙකුද තුවාල ලබා ඇති බව සඳහන් වෙයි.

පොලීසිය මේ පිළිබඳ පරීක්ෂණ අරඹා ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙතුවත් අත්අඩංගුවට ගෙන නොමැති බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.

1_Indian



Recommended Articles