කාෂ්මීරයේ ප්‍රබල ගංවතුර අවදානමක්


ඉන්දීය පාලනයේ පවතින කාෂ්මීරයට පවතින අධික වර්ෂාවත් සමග ජෙලූම් ගංගාව පිටා ගැලීමෙන් ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට එරට ආපදා අංශ අනතුරු අඟවා තිබේ.

ඒ අනුව, ගංගාව ආශ්‍රිත ජනතාවට නිවාස අත්හැර ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස බලධාරීන් පවසා තිබේ.

කෙසේ වෙතත්, වර්ෂාවත් සමග ඇති වූ නායයෑම්වලින් පුද්ගලයන් 10ක් පමණ අතුරුදන් බවද එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

පසුගිය සැප්තැම්බර් මාසයේදී අඩසිය වසක කාලය තුළ එම කලාපයට බලපෑ ප්‍රබලතම ගංවතුර තත්ත්වය ඇතිවූ අතර, ඉන් ජීවිත 250ක් අහිමි විය.

මේ තත්ත්වය තුළ බලධාරීන් විසින් කඩිනම් පියවර ගැනීමක් ලෙස මෙම අනතුරු ඇඟවීම් කලින්ම සිදුකර තිබේ.



Recommended Articles