කාශ්මීර නායයැමෙන් ජීවිත හානි 15ක්


ඉන්දීය පාලනයේ පවතින කාශ්මීරයට බලපෑ ගංවතුරත් සමග ඇති වූ නාය යෑමකට හසු වී ජීවිත 15ක් පමණ අහිමි වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මෙලෙස මියගොස් ඇත්තේ ශ්‍රී නගර් ප්‍රදේශය ආසන්නයේ සිදුවූ නායයාමකට හසුවී විනාශ වූ නිවාස දෙකක සිටි පුද්ගලයන් බව කියැවෙයි.

බලධාරීන් පෙන්වා දෙන්නේ අධික වර්ෂාවත් සමග ප්‍රදේශයට බලපෑ මෙම ගංවතුර තත්ත්වය හේතුවෙන් බොහෝ දෙනෙකු නිවාස අත්හැර ආරක්ෂිත ස්ථාන කරා ගොස් ඇති බවයි.

මෙම කලාපය ආශ්‍රිතව පසුගිය සැප්තැම්බර් මාසයේදී ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ජීවිත 250කට වැඩි පිරිසක් අහිමි වීමත් සමග, මෙවර කඩිනම් ආරක්ෂිත පියවර ගැනීමට බලධාරීන් කටයුතු කර තිබුණි.



Recommended Articles