ඉන්දියානු පාලනය යටතේ පවතින කාශ්මීරයේ ප්‍රධාන නගර රැසක් දැඩි ගංවතුර තත්ත්වයකට මුහුණ දී ඇති බව වාර්තා වෙයි.
එම ප්‍රදේශයේ නිවාසවල වහළ මට්ටමටම ජලගැලීම් සිදුව ඇති නිසා බොහෝ වැසියන් ඉවත් කිරීමට සහන සේවා කටයුතු කර තිබේ.
ශ්‍රීනගර් හා ඒ ආශ්‍රිත කලාපයේ ගංවතුරට කොටුවී ඇති දහස් ගණන් ජනතාව බේරාගැනීම වෙනුවෙන් හමුදාව යොදවා ඇති බවද පැවසෙයි.
ඉන්දියාව හා පාකිස්තානය ආශ්‍රිතව බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් මේ වනවිට ජීවිත 270ක් පමණ අහිමි වී තිබේ.
කාලගුණ විද්‍යා අංශ පෙන්වා දෙන්නේ මාස කිහිපයක වැසි සති කිහිපයකින් ලැබීම හේතුවෙන් මේ දරුණු ගංවතුර තත්ත්වය ඇති වී තිබෙන බවයි.
අධික ගංවතුර තත්ත්වය හේතුවෙන් බොහෝ ප්‍රදේශ වෙත ගමන් කිරීමට නොහැකි වීමෙන් සිදුව ඇති ජීවිත හානි හා දේපොළ හානි බරපතල විය හැකි බවටද මත පවතී.