ලෝකයේ කාලගුණික විපර්යාසයන් පිළිබඳ අතිශය අවදානම් සහගත මොහොතක් උදාවී ඇති බවත්, ඒ වෙනුවෙන් තවදුරටත් කටයුතු කළ යුතු බවත් ඇමෙරිකාවේ සංචාරයක නිතර පාප් තුමන් පවසති.
ධවල මන්දිරයේ දකුණුදිග පර්යන්තයේ සිට 11,000ක පමණ ජනතාවක් අමතමින් පාප් තුමන් පවසා ඇත්තේ, මේ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගනිමින් තවදුරටත් අනාගත පරපුරට එය ඉතිරි නොකළ යුතු බවයි.
මෙම අවස්ථාවේදී කතා කළ ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා පවසා ඇත්තේ අපේ පෘථිවිය ආරක්ෂා කරගැනීම සඳහා අපට පූජනීය පොරොන්දුවක් පවතින බවයි.