කාලගුණික විපර්යාස වෙනුවෙන් ඔබාමා නව නිර්දේශ හඳුන්වා දෙයි


වේගයෙන් ඉහළ යන ගෝලීය උෂ්ණත්වය පාලනය කිරීමේ අරමුණින් ගල් අඟුරු බලාගාර වෙත නව නිර්දේශ හඳුන්වාදීමට ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා පියවර ගෙන තිබේ.

ඒ අනුව, ඇමෙරිකාවවේ පිහිටි ගල් අඟුරු බලාගාර 1,600ක පමණ කාබන් විමෝචනය 2030 වසරේදී 30% කින් අඩු කිරීමට යෝජනා වී තිබේ.

මේ ආකාරයෙන් ගෝලීය උෂ්ණත්වය කෙරෙහි දැඩි බලපෑමක් කරන අනෙකුත් රටවල් දෙක චීනය හා ඉන්දියාව බව පැවසෙයි.

"අප ජීවත් වන පෘථිවිය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ඇමෙරිකාව පෙරට පැමිණ ඇති බව මට විශ්වාසයි" යනුවෙන් ඔබාමා පවසා සිටියේය.

"අප සෙසු රටවලට ආදර්ශයක් වෙමින් ඉදිරියට පැමිණි විට ඇමෙරිකානු බලපෑම බොහෝ බලවත් බව කිව යුතුයි. සෑම අයෙකුටම නිර්දේශ වන නීති මාලාවකින් අපට පමණක් ඉවත් වී සිටීමට හැකියාවක් නෑ "යනුවෙන් ඔබාමා වැඩිදුරටත් පවසා සිටියේය.

 



Recommended Articles