කාම්බෝජ ප්‍රබල පුවත්පතක් මැලේසියානුවෙක් මිලට අරන්


කාම්බෝජයේ ප්‍රබල ඉංග්‍රීසි පුවත්පතක් වන 'ද ෆෙනොම් ෆෙන් පෝස්ට්' පුවත්පත මැලේසියාවේ ප්‍රබල ව්‍යාපාරිකයෙකු විසින් මිලදී ගෙන තිබේ.

කෙසේ වෙතත්, බටහිර මාධ්‍ය විසින් මෙය එරට අවසන් ස්වාධීන පුවත්පත ලෙස හුවාදක්වමින්, එය මැලේසියානු ව්‍යාපාරිකයෙකු අතට පත්වීම මාධ්‍ය නිදහසට එල්ල වූ මරු පහරක් ලෙස පෙන්වා දී තිබේ.

ඔවුන් එසේ සඳහන් කිරීමට හේතු වී ඇත්තේ මෙම පුවත්පත මිලදී ගත් සිවකුමාර් ගණපති නැමති මැලේසියානු ව්‍යාපාරිකයා කාම්බෝජ රජය වෙනුවෙන් ප්‍රවර්ධන වැඩසටහන් සිදුකළ සමාගමේද අධ්‍යක්ෂකවරයෙකු වන බැවිනි.

කෙසේ වෙතත්, මෙම නව ව්‍යාපාරිකයා පවසා ඇත්තේ තමන් පුවත්පතේ අතීත උරුමය මෙන්ම, එහි කර්තෘ මණ්ඩල නිදහස ඉදිරියටත් උපරිමයෙන් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවයි.

1_Phenom Phen



Recommended Articles