කාබුල් හෝටල් වෙඩි තැබීමෙන් 9ක් මරුදකී


ඇෆ්ගනිස්ථානයේ, කාබුල් නුවර හෝටලයකදී තුවක්කුකරුවෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයන් 9 දෙනෙකු මරණයට පත්ව ඇති බව වාර්තා වෙයි.

මියගිය පිරිස අතර ළමයින් දෙදෙනෙකු හා විදේශීකයන් හතර දෙනෙකු සිටින බව ඇෆිගන් බලධාරීහු පවසති.

ඇෆ්ගන් විශේෂ කාර්ය බලකාය විසින් තුවක්කුකරුටද වෙඩි තබා මරා දමා ඇති අතර, මෙම ප්‍රහාරය පිටුපස තලේබාන් සංවිධානය සිටින බවට සැක කෙරේ.

පාකිස්තානය හා තලේබාන් සංවිධානය අතර සටන් විරාම ගිවිසුමක් අත්සන් කිරීමත් සමග තලේබාන් සටන්කාමීන් විසින් ඇෆ්ගනිස්ථානය ඉලක්ක කර සිදුකරන ප්‍රහාර වැඩිවී ඇති බවට ඇෆ්ගන් බලාධාරීහු චෝදනා කරති.



Recommended Articles