කාබුල් හෝටලයේ පාලනය හමුදාව යටතට


ආයුධ සන්නද්ධ පිරිසක් විසින් පාලනයට ගත් ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර ඉන්ටකොන්ටිනෙල් හෝටලයේ පාලනය නැවතත් තමන් යටතට ගත් බව ඇෆ්ගනිස්තාන ආරක්ෂක අංශ සඳහන් කරයි.

ස්වදේශ කටයුතු අමාත්‍යවරයා සඳහන් කළේ මෙම මෙහෙයුම්වලදී සිවිල් පුද්ගලයන් පස් දෙනෙකු මියගොස් තවත් හය දෙනෙක් පමණ තුවාල ලබා ඇති බවයි.

එසේම ප්‍රහරය සඳහා පැමිණි ආයුධ සන්නද්ධ පුද්ගලයන් තිදෙනාම ජීවිතක්ෂයට පත්ව ඇත.

පුද්ගලයන් 150කගේ පමණ ජීවිත ආරක්ෂා කිරීමට හැකිවූ බව ඇෆ්ගනිස්තාන ආරක්ෂක අංශ සඳහන් කර ඇත. ඒ අතර විදේශීය ජාතිකයන් 41ක් දෙනෙක්ද සිට ඇත.

මෙම මෙහෙයුම සඳහා ඇෆ්ගනිස්තානයේ විශේෂ බළකාය එක්ව ඇත.

_99680093_5dc3c034-1b0b-4d77-afdf-d1cb0b3cba47 _99680782_hi044191293 _99682164_044202896-1

 



Recommended Articles