ඇෆ්ගනිස්තානයේ, කාබුල් නුවර තානායමක නැවතී සිටි ජර්මානු කාන්තාවක් ඝාතනය කළ තුවක්කුකරුවන් පිරිසක්, එහි ආරක්ෂකයෙකු හිස ගසා මරා දමා තිබේ.
ස්වීඩනයේ රාජ්‍ය නොවන සංවිධානයක් විසින් පවත්වාගෙන යනු ලැබූ ඔපරේෂන් මර්කරි නමැති මෙම තානායමට සෙනසුරාදා රාත්‍රී 11.30 ට පමණ කඩා වැදුණු සන්නද්ධ කණ්ඩායම මෙම අපරාධය සිදුකොට පළාගොස් ඇති බව ඇෆ්ගනිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසයි.
මෙම තානායමේ සිටි ෆින්ලන්ත කාන්තාව අතුරුදන්ව ඇති අතර, ඇය බොහෝ විට පැහැරගෙන ගොස් ඇති බවට ඇෆ්ගන් බලධාරීහු විශ්වාසය පළ කරති.
මීට අමතරව, තලේබාන් ත්‍රස්තයන් පිරිසක් පොලිස් ආරක්ෂක මුර පොළකට එල්ල කළ ප්‍රහාරයකින් පොලීසියේ 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ පුවතක්ද එරටින් වාර්තා වෙයි.