කාබුල් නගරයේ ෂියා පිරිසට බෝම්බ ප්‍රහාරයක් -26ක් නසී


ඇෆ්ගනිස්ථානයේ කාබුල් නගරයේ ආගමික ස්ථානයක් ආසන්නයේ සිදුවූ සැකකටයුතු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් 18 දෙනෙකු තුවාල ලබා තිබේ.

වාර්ෂික නවුරූස් අවුරුදු උළෙල සැමරීම සඳහා සූදානමින් සිටි සිය ගණනක පිරිසක් ඉලක්ක කරමින් මෙම බෝම්බකරු ප්‍රහාරය එල්ල කර ඇති බව මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.

එම පිරිස සුළුතර ෂියා මුස්ලිම්වරුන්ට අයත් පිරිසක් වන අතර, සිද්ධියෙන් මියගිය පිරිස ඉහළ යා හැකි බව පොලීසිය කියයි.

ප්‍රහාරයේ වගකීම භාරගැනීමට මෙතෙක් කිසිවෙකු ඉදිරිපත් නොවූවත්, පසුගිය කාලය පුරා ෂියා මුස්ලිම්වරුන් ඉලක්ක කරමින් ප්‍රහාර ගණනාවක් දියත් විය.

එම ප්‍රහාරවල වගකීම බොහෝ අවස්ථාවල IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් විසින් භාරගනු ලැබිණි.

1_Kabul



Recommended Articles