කාන්තා හිංසන චෝදනා ලැබූ නිව්යෝක් නීතිපති ඉවත් වේ


නිව්යෝක් නීතිපති එරික් ෂෙනෙයිඩර්මන් කාන්තාවන් සිව්දෙනෙකුට වරින්වර පහරදී ඇති බවට නැඟෙන චෝදනා හේතුවෙන් ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ද නිව්යෝකර් සඟරාව විසින් නිතිපතිවරයා මේ ආකාරයෙන් කාන්තාවන්ට පහර දෙන්නෙකු බව හෙළි කිරීමත් සමග ඔහු මෙම තීරණය ගෙන ඇත.

මෙසේ පහර කෑමට ලක්වූ කාන්තාවන් නීතිපතිවරයාගේ හිටපු පෙම්වතියන් බවද එම සඟරාව උපුටා දක්වා තිබේ.

මේ වනවිට ලොව පුරා වඩාත් ප්‍රකට කාන්තා හිංසනයට එරෙහි #MeToo ව්‍යාපාරයද නිව්යෝක් නීතිපතිවරයාට එරෙහිව මොවුන් අවි අතට ගැනීමට හේතු වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

1_London



Recommended Articles