කාන්තා අපයෝජන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින ඇමෙරිකානු සෙනට් සභික හා හිටපු හාස්‍යෝත්පාදක රංගන ශිල්පියෙකු වූ අල්-ෆ්‍රෑන්කන් සිය ධුරයෙන් අස්වීමට තීරණය කර තිබේ.
මිනෙසෝටා ප්‍රාන්තය නියෝජනය කරන අල්-ෆ්‍රෑන්කන් පවසා සිටියේ තම ධුර කාලය තුළ කාන්තාවන්ගේ ජයග්‍රහණය වෙනුවෙන්ද කටයුතු කළ බවයි.
මේ තත්ත්වය තුළ තමන්ට එල්ලවන චෝදනා හමුවේ ඉදිරියේදී ඉල්ලා අස්වීමට තීරණය කළ බව ඔහු පවසයි.
ඩිමොක්‍රටික් සෙනට් සභිකයන් 30 දෙනෙකු පමණ ඔහුට ඉල්ලා අස්වන ලෙස බලකිරීමෙන් දිනකට පසුව ඔහුගේ මෙම තීරණයට එළැඹ තිබුණි.
ගුවන්විදුලි නිවේදිකාවක වන ලීන් ට්වීඩන් මෙම චෝදනාව අල්-ෆ්‍රෑන්කන් වෙත එල්ල කර ඇති අතර, විදෙස් ප්‍රසංගයකට ගිය අවස්ථාවකදී ඔහු වේදිකාව මතදී තමන්ව අනවශ්‍ය ආකාරයෙන් සිප ගැනීමට මෙන්ම, තම අඟපසඟ ස්පර්ශ කළ බව ඇය පවසා තිබුණි.
මේ අතර, ඇමෙරිකානු පාර්ලිමේන්තුවේ ආචාරධර්ම කමිටුව විසින් රිපබ්ලිකන්වරු දෙදෙනෙකු සම්බන්ධයෙන්ද මෙවැනි කාන්තා හිංසන චෝදනා යටතේ පරීක්ෂණ අරඹා තිබේ.
වරක් ඩිමොක්‍රටික් ජනාධිපතිවරයෙකු ඇමෙරිකාව පාලනය කළ කාලයේදීද මෙවැනි සිදුවීමක් වාර්තා වූ අතර, බිල් ක්ලිනටන් හා මොනිකා ලෙවෙන්ස්කි සිදුවීම ලොවක් කතා කළ සිදුවීමක් විය.