කාන්තා දිනයට ස්පාඤ්ඤ කාන්තාවන් පාරට බැහැලා


ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් සමානාත්මතාව ඉල්ලා ස්පාඤ්ඤයේ පැවැත්වෙන වැඩවර්ජන හේතුවෙන් එරට දුම්රිය ගමන්වාර රැසක් අවලංගු වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

ස්පාඤ්ඤ ප්‍රවාහන අමාත්‍යාංශය පවසා සිටියේ පැය 24ක කාලයක් පැවති වැඩවර්ජන සඳහා වෘත්තීය සමිත 10ක් සම්බන්ධ වී ඇති බවයි.

එරට කාන්තා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින පිරිස්ද මෙම වැඩවර්ජනය සමග සම්බන්ධ වීමට එරට කාන්තාවන්ට ආරාධනා කර ඇති අතර, ඔවුන්ට එදිනෙදා ගෙදරදොර වැඩවලින් පවා වෙන්ව වැඩවර්ජනය කරන ලෙස ඉල්ලීම් කර තිබේ.

කෙසේ වෙතත්, මෙම වැඩවර්ජනය සම්බන්ධයෙන් විරෝධතාවන්ද පවතින අතර එරට ඇතැම් කාන්තාවන් විසින්ම මේ සම්බන්ධයෙන් විරෝධය දක්වා තිබේ.

එමෙන්ම, පාලක පක්ෂය පවසා තිබුණේ මෙම වැඩවර්ජන සමග සම්බන්ධ වී සිටින කාන්තා කණ්ඩායම් එදිනෙදා ප්‍රශ්න සම්බන්ධයෙන් කතා කිරීමට තරම් වන පිරිසක් නොවන බවයි.

2 1_Inter



Recommended Articles