කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා කැපවූ ෆේස්බුක් ෂර්ලි


කාන්තාවන්ටත් පුරුෂ පක්ෂයට හා සමාන වේතනයක් ලබාදීම සඳහා කටයුතු කිරීම තම මූලික පියවර වූ ෆේස්බුක්  ප්‍රධාන මෙහෙයුම් නිලධාරිනිය ලෙස කටයුතු කරන ෂර්ලි සැන්ඩ්බර්ග් පවසයි.

බී.බී.සී. රේඩියෝ 4 හි 'ඩෙස්ර්ට් අයිලන්ඩ් ඩිස්ක්' වැඩසටහන සමග එක්වෙමින් ඇය මෙසේ පවසා සිටියාය.

එහිදිී, බියොන්සේ විසින් ගායනා කරන රන් ද වර්ල්ඩ් (කාන්තාවන් ලෝකය පාලනය කිරීම) ගීතය ඇය සිය ගීත එකතුවේ ප්‍රථම ගීතය ලෙස තෝරාගෙන තබුණි.

ඇය පවසන්නේ, පිරිමි දරුවන්ට කුඩා අවදිය සිටම නායකත්වය ගැනීමට උනන්දු කළත් ගැහැණු දරුවන්ට ඒ උනන්දුව ඇති නොකිරීම බලවත් වරදක් බවයි.

ඇය පවසන්නේ ඕනෑය අයෙකු තුළ තම ඇතුලාන්තයෙන් නායකත්වය දැරීමට හැකියාවක් බවතින බවයි. ඒ නිසා ලිංගිකත්වය පදනම් කරගෙන පුද්ගලයන්ට ඔවුන් කැමති අරමුණ කරා යෑමට බාධා නොපැමිණවීම සිදුවිය යුතු බව ඇගේ මතයයි.

අතිශය සංවේදී ස්වරූපයක් ගෙන තිබූ මෙම සාකච්ඡාවේදී වර්ෂ 2015 දී සිය ස්වාමියාගේ හදිසි අභාවය මෙන්ම, එය තම දරු දෙදෙනාට බලවත් දැනුණු ආකාරයද සිහිපත් කර ඇත.

රැකියා ස්ථානයේ කාන්තාවන් සවිබල ගැන්වීම වෙනුවෙන් වර්ෂ 2013 දී ඇය විසින් රචනා කරන ලද 'ලර්න් ඉන්' කෘතිය අතිශය ජනප්‍රිය වූ අතර, ඇය පිළිබඳ ලෝකය වැඩි වශයෙන් කතා කිරීමටද එම කෘතිය ඉවහල් විය.

විශේෂයෙන්ම රැකියාවකදී කාන්තාවන්ට හා පුරුෂ පක්ෂයට සිදුකරන ගෙවීම්වල ඇති අසමතුලිතතාව නැතිකිරීම සඳහා බොහෝ දේ සිදු කළ යුතුව ඇති බව සිහිපත් කරන ඇය, ඒ වෙනුවෙන් ආයතනික වශයෙන් ප්‍රතිපත්ති වෙනස් විය යුතු බවද සිහිපත් කරයි.



Recommended Articles