කාන්තාවන් ලෙස වෙස්වලා දියත්කළ තලේබාන් ප්‍රහාරය ව්‍යර්ථ කරයි


ඇෆ්ගනිස්ථානයේ මැතිවරණ කොමසාරිස් කාර්යාලයට ප්‍රහාරයක් එල්ල කළ සියලු තලේබාන් සටන්කාමීන් මරා දැමූ බව එරට පොලීසිය පවසයි.

මුස්ලිම් කාන්තාවන් ලෙස ශරීරය සම්පූර්ණයෙන් ආවරණය වන ලෙසින් වෙස් වලාගෙන පැමිණි සටන්කාමීන් අසල ගොඩනැගිල්ලක සිට මැතිවරණ කොමසාරිස් කාර්යාලයට විවෘත වෙඩි තැබීමක් සිදුකර ඇති බව බී.බී.සී.ය පවසයි.

ඇෆ්ගන් පොලීසිය පවසා සිටින්නේ එරට විශේෂ බලකාය විසින් සටන්කාමීන් හතර දෙනෙකු මරා දැමූ බවය. මේ අතර, එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් එම ගණන පහක් බව පවසයි.

ඇෆ්ගනිස්ථානයේ ජනාධිපතිවරණයට සතියක් තිබියදී මෙම ප්‍රහාරය එල්ල වූ අතර,  ජනාධිපතිවරණයට අනිවාර්යයෙන්ම බාධා පමුණුවන බවද තාලේබාන් සටන්කාමීන් මීට පෙර කියා තිබුණි.

මේ අතර, පසුගිය සිකුරාදා විදේශීය ආධාරක කණ්ඩායම් රැඳී සිටින නවාතැන් පොළකටද තාලේබාන් සටන්කාමීන් විසින් ප්‍රහාරයක් දියත් කළේය.

 



Recommended Articles