කාන්තවක් පැය 14000ක් කොණ්ඩයට වැයකරනවලු


තම ජීවිත කාලයෙන් පැය 14,000ක් පමණ කාන්තාවන් තම කොණ්ඩයට සාත්තු සප්පායම් කිරීම සඳහා කාලය වැය කරන බව පැවසෙයි.

එය අවම වශයෙන් වසර එකහමාරකට ආසන්න කාලයක් බවත්, කොණ්ඩය පීරීමට, සේදීමට, වේලීමට, කැපීමට, මෝස්තර දැමීමට, ස්ට්‍රේට් කිරීමට, කර්ල් කිරීමට ආදී වශයෙන් මෙකී නොකී සියලුම කාරණා වෙනුවෙන් කාන්තාවන් ඒ කාලය වැය කරන බවත් පැවසෙයි.

බ්‍රිතාන්‍ය කාන්තාවන් නම්, මේ ආකාරයෙන් කොණ්ඩා සැකසීමට වැඩි කාලයක් ගත කරන්නේ පිරිමින්ගේ ආකර්ෂණය දිනාගැනීමට බවද කියැවෙයි.

තමන්ට පිරිපුන්, වැඩි කාලයක් ගෙන සැකසූ, මොනරපිළක් වැනි කෙස් කළඹක් පවතින්නේ නම් ඔවුන් අතිශය ආකර්ෂණීය කාන්තාවන් ලෙස පිරිමින් සලකන බවට 89%ක් කාන්තාවන් විශ්වාස කරන බව එහිදී වැඩිදුරටත් කියැවෙයි.  



Recommended Articles