මහත්මා ගාන්ධි විසින් ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳව ලියූ ලිපියක් ඇමෙරිකාවේදී වෙන්දේසි වන බව විදෙස් වාර්තා පවසයි.
මහ්තමා ගාන්ධිගේ අත්සනින් යුතු 1926 අප්‍රේල් 06 වැනිදා දින දරණ මෙම ලිපිය ඇමෙරිකානු ජාතික මිල්ටන් නිව්බරි ෆ්‍රැන්ට්ස් වෙත යවා තිබුණි.
මෙම ලිපියෙහි ගාන්ධි විසින් ක්‍රිස්තුස් වහන්සේ මනුෂ්‍ය ශිෂ්ටාචාරයේ සිටි එක් සුවිශේෂී ගුරුවරයෙකු ලෙස හඳුන්වා ඇත.
දශක කිහිපයක් පෞද්ගලික එකතූන් අතර පැවති මෙම ලිපිය පෙන්සිල්වේනියාවේ රාබ් ක්ලෙක්ෂන් ආයතනය විසින් ඇ.ඩො.50,000කට විකුණා තිබුණි.