ක්‍රිස්ටිනා නැවතත් කරළියේ


ආර්ජන්ටිනා ජනාධිපතිනී ක්‍රිස්ටිනා ෆර්ඩිනැන්ඩස් සති හයකට ආසන්න කාලයකට පසුව පළමුවරට පෙරේදා දිනයේදී එරට ජනතාව හමුවට පැමිණි බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

පසුගිය වසරේ ඔක්තෝබරයේදී මොළයේ සිදුකළ සැත්කමින් පසුව ඇගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව බොහෝ දෙනා තුළ ප්‍රශ්නකාරී හැඟීමක් පැවතුනි.

ජනාධිපති මන්දිරය වෙත ආරාධනා කෙරුණු සිය ගණනක් වන සිය ආධාරකරුවන් ඉදිරියේ ඇය මෙසේ පෙනී සිටියාය. එම මොහොතේදී රූපවාහිනිය හරහා ජාතිය ඇමතූ ඇය එරට තුළ විරැකියාවෙන් පෙළෙන තරුණයන්ට සහායවීම සම්බන්ධයෙන් සැලසුමක් සකස් කරන බවත් කියා සිටියාය.

තම සෞඛ්‍ය සම්බන්ධයෙන් ආර්ජන්ටිනාවේ මාධ්‍ය පළ කරන අදහස් ප්‍රතික්ෂේප කරන බවත් ඇය මෙහිදී සඳහන් කළාය.

ජනාධිපතිනිය අවසන් වරට ජනතාව හමුවේ පෙනී සිටියේ පසුගිය වසරේ දෙසැම්බර් 10 වැනිදාය.



Recommended Articles