ක්‍රිමියාව අත්පත් කරගැනීමෙන් පසු ප්‍රථම වරට පූටින් ක්‍රිමියාවට යයි


රුසියාව විසින් ක්‍රිමියාව අත්පත් කරගැනීමෙන් පසු රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් ප්‍රථම වරට ක්‍රිමියාවේ සංචාරය කළේය.

නාසි හමුදාවට එරෙහිව 1945දී සෝවියට් දේශය අත්කරගත් යුද ජයග්‍රහණය සැමරීමේ උත්සවයට සහභාගි වෙමින් පූටින් පවසා සිටියේ අතීතයේ සිටම ක්‍රිමියාව රුසියාවේ කොටසක් බව සනාථ කරන ඓතිහාසික සත්‍යය නැවතත් සැබෑ වී ඇති බවයි.

කෙසේ වෙතත් කියෙව් රජය මෙම සංචාරය දැඩි ලෙස හෙලා දකිමින් කියා සිටියේ යුක්රේනයේ ඇතිවී තිබෙන අර්බුදය තවදුටත් උග්‍ර වීමක් මේ හරහා සිදුවී ඇති බවය.

මේ අතර බෙදුම්වාදීන්ට එරෙහිව නැගෙනහිර යුක්රේනයේ මාරියුපෝල් හි සිදුකළ ආරක්ෂක මෙහෙයුමකදී පුද්ගලයන් 20 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවද කියෙව් පාලනය පවසා සිටියේය.



Recommended Articles