යුක්රේනයේ භෞමික අඛණ්ඩතාව යළි ස්ථාපිත කරමින් ක්‍රිමියාවේ යළි ජයග්‍රාහී රැළියක් පවත්වන බව යුක්රේනයේ නව ආරක්ෂක අමාත්‍ය වැලෙරි හෙලෙටි අවධාරණය කළේය.
කියෙව් පාර්ලිමේන්තුව අමතමින් හෙලෙටි පවසා සිටියේ, "මාව විශ්වාස කරන්න. ජයග්‍රාහී රැළියක් දියත් වේවි. එය අනිවාර්යයි. යුක්රේනයේ සෙවාස්ටපෝල් හි ඒ රැළිය අනිවාර්යයි."
කෙසේ වෙතත් මේ වනවිට ක්‍රිමියානු අර්ධද්වීපය රුසියාව විසින් අත්පත් කරගෙන සිටින්නේ නීතිවිරෝධී ආකාරයෙන් පැවැත්වූ ජනමත විචාරණයක් සමගිනි.
මේ අතර, නැගෙනහිර යුක්රේනයේ බලය අල්ලා ගැනීම සඳහා රුසියානු හිතවාදීන් මේ වනවිටත් රජයේ හමුදා සමග සටනක නිරත වෙයි.
මේ සඳහා සාම වැඩපිළිවෙළක් වෙනුවෙන් යුක්රේනයේ නව ජනාධිපති පෙට්රෝ පොරොෂෙන්කෝ ඒකපාර්ශ්වීය සටන්විරාමයක් දියත් කළත්, ඒ වෙනුවෙන් රුසියානු හිතවාදීන් සුබවාදී ප්‍රතිචාරයක් නොදැක්වීම තුළ හෙතෙම සටන් විරාමය අවලංගු කර යුදමය ක්‍රියාමාර්ගයකට පිවිසීමේ ලකුණු පෙන්නුම් කර තිබේ.