ඉන්දියාවේ දකුණුදිග කර්නාටක ප්‍රාන්ත මැතිවරණයෙන් අගමැති මෝදිගේ පාලක භාරතීය ජනතා පක්ෂය බොහෝ ආසන සංඛ්‍යාවක් ජයග්‍රහණය කරනු ඇති බව විශ්වාස කෙරෙයි.
කෙසේ වෙතත්, ආසන 224කින් සමන්විත කර්නාටක ප්‍රාන්තය තුළ ජයග්‍රාහී බහුතර බලය සම්පූර්ණයෙන්ම එම පක්ෂයට නොලැබෙනු ඇති බවද කියැවෙයි.
මේ අතර, ඊයේ (12දා) පැවති මැතිවරණයේ ඡන්දය ගණන් කිරීම් සිදුවන අවස්ථාවේදී ඉන්දියාවේ විරුද්ධ පක්ෂය වන කොංග්‍රසය තවමත් දෙවැනි තැන පසුවන බව වාර්තා වෙයි.
ලබන වසරේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණය අරභයා මෙම ප්‍රාන්ත මැතිවරණයේ ජයග්‍රහණය ප්‍රධාන පක්ෂ දෙකටම අතිශය තීරණාත්මක අවස්ථාවකැයි දේශපාලන විචාරකයෝ පවසති.
කර්නාටක ප්‍රාන්තයේ මිලියන 49ක ජනතාවක් ඡන්දය ලබාදීම සඳහා සුදුසුකම් ලබා ඇති අතර, කොංග්‍රසය සතුව පැවති අවසන් ඡන්ද බල කොටුව ලෙසද මෙය සැලකුණි.
මිලියන 64ක ජනතාවක් ජීවත් වන කර්නාටක ප්‍රාන්තය ඉන්දියාවේ තොරතුරු තාක්ෂණ කර්මාන්තයේ මූලස්ථානය ලෙසද සැලකෙයි.
මෙම මැතිවරණයේ නිල ඡන්ද ප්‍රතිඵල මැයි 15දා ප්‍රකාශයට පත්වීමට නියමිතය.