කයිරෝ කොප්ටික්වරුන්ට ජිහාඩ් ප්‍රහාරයක්- 12ක් නසී


ඊජිප්තුවේ, දකුණුදිග කයිරෝ නුවර කොප්ටික් ක්‍රිස්තියානුවන් ඉලක්ක කරමින් එල්ල වූ ජිහාඩ් ත්‍රස්ත ප්‍රහාර ද්විත්වයකින් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

කොප්ටික් කිතුණුවන් රැස්වන කිතුණු දේවස්ථානයක් වෙත ජිහාඩ් තුවක්කුකරුවන් පිරිසක් කඩා පැනීමට උත්සාහ කර ඇති අතර, එහිදී පොලීසියේ මැදිහත්වීම සමග සිදුවූ වෙඩි හුවමාරුවේදී පුද්ගලයන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.

ඉන් පැයකට පමණ පසුව එම ප්‍රදේශයේම කොප්ටික්වරුන්ට අයත් වෙළෙඳ සැලක් වෙත එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ගෙවීයන 2017 වසරේදී පමණක් 100කට අධික කිතුණුවන් පිරිසක් ඊජිප්තුවේදී ජිහාඩ් ත්‍රස්තයන්ගේ ගොදුරු බවට පත්ව ඇති අතර, මෙම ප්‍රහාර පසුපස IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයේ ඊජිප්තු ත්‍රස්ත කණ්ඩායම් සිටින බව අනාවරණය කරගෙන තිබේ.

1_Egypt 2 3



Recommended Articles