කම්කරු ප්‍රතිසංස්කරණවලට එරෙහි ප්‍රංශ වැඩවර්ජනය උග්‍ර වීමෙන් දුම්රිය ඇණහිටී


ප්‍රංශයේ ජනපති එමානුවෙල් මැක්‍රෝන් විසින් ඉදිරිපත් කළ ඇති කම්කරු ප්‍රතිසංස්කරණවලට එරෙහිව එරට දුම්රිය සේවය අරඹා ඇති වැඩවර්ජනය දරුණු තත්ත්වයකට පත්ව තිබේ.

රට පුරා පැවති මෙම වැඩවර්ජනය හේතුවෙන් අඟහරුවාදා දිනය කළු අඟහරුවාදාවක් බවට පත්වූ අතර, මෙය සෑම සතියකම දින දෙක බැගින් මාස තුනක් පුරා දින 36ක කාලයක් සිදු කිරීමටද වෘත්තීය සමිති සූදානම් වෙයි.

රජයේ එස්.එන්.සී.එෆ් දුම්රිය සේවය මෙම වැඩවර්ජනයට මූලිකත්වය ගෙන ඇති අතර, බලශක්ති හා කැලිකසල කළමනාකරණ පද්ධති වෙතද වැඩවර්ජනය බලපා තිබේ.

පසුගිය මැයි මාසයේදී ප්‍රංශ ජනපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසුව එමානුවෙන් මුහුණදෙන ප්‍රබලතම අභියෝගය ලෙස මෙම වැඩවර්ජන සැලකෙයි.

මේ අතර නිසි දුම්රිය ප්‍රවාහන සේවයක් නොමැති කමින් ප්‍රංශ දුම්රිය මගීන් දැඩි අපහසුතාවකට පත්ව සිටි අතර, බස් රථවල දැඩි තදබදයක් පැවති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

1_France 2



Recommended Articles