බ්‍රිතාන්‍යයේ මුස්ලිම් තරුණියන් ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදයට කැඳවා ගැනීම සඳහා කඩවසම් ජිහාඩ් අන්තවාදීන් තුරුම්පු ලෙස යොදා ගන්නා බව හිටපු ඉස්ලාමීය අන්තවාදී තරුණියක පවසා තිබේ.
අයේෂා නමැති අන්වර්ථ නාමයකින් පෙනී සිටින ඇය බී.බී.සී.ය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ මහා බ්‍රිතාන්‍ය තම සතුරෙකු ලෙස සලකන මෙන් ඔවුන්ට කියා සිටි බවයි.
ඇය මේ වනවිට එම සංකල්පය බැහැර කර ඇතත්, ජිහාඩි ජෝන් වැන්නවුන් ප්‍රතිමූර්තියක් ලෙස සලකන පිරිස් හිටපු අන්තවාදීන් සිටින බවද පවසා තිබේ.
මෑතකදී බ්‍රිතාන්‍ය පාසල් දැරියන් තිදෙනෙකු රට හැර සිරියාවේ ඉස්ලාම් රාජ්‍යය හා එක්වීමට ගොස් ඇති බව අනාවරණය වී තිබේ.
මේ වනවිට 20 වැනි වියේ පසුවන අයේෂා පවසා ඇත්තේ තමන්ට වයස අවුරුදු 16 - 17 කාලයේදී මුලින්ම අන්තවාදීන් තමන්ව එම සංකල්ප හා නතුකර ගැනීමට ක්‍රියාකළ බවයි.
බොහෝ විට ෆේස්බුක් ගිණුම් හරහා තරුණියන් ආමන්ත්‍රණය කරන මොවුන්, මුලින්ම මේ තරුණියන් වසඟයට ගෙන පසුව ඔවුන්ගේ සංකල්ප මුල් බැස්සවීමට කටයුතු කරන බවද ඇය කියයි.