කටාරය වෙත එල්ල වී තිබෙන චෝදනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සූදානම් බව එරට එමීර්වරයා වන ෂෙයික් ටමීම් හමාද් අල්-තානි එකඟත්වය පළ කර තිබේ.
කටාරය ඉස්ලාම් මූලධර්මවාදී සංවිධාන පෝෂණය කරන බවටත්, ඉරානය සමග පවතින සබඳතාවලට විරුද්ධත්වය පළ කරමිනුත් අසල්වැසි අරාබි රාජ්‍යයන් හතරකින් එරටට එල්ල වූ චෝදනා සහ සම්බාධකවලට ප්‍රතිචාර වශයෙන් ප්‍රථම වරට එරට එමීර්වරයා මෙම එකඟත්වය පළ කර ඇත.
සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, බහරේනය සහ ඊජිප්තුව මේ ආකාරයෙන් කටාරය සමග සියලු රාජතාන්ත්‍රික හා වෙළෙඳ සබඳතා අත්හරින ලදී.
කටාර් අර්බුදය මතුවීමෙන් පසු ප්‍රථම වතාවට ප්‍රසිද්ධියේ අදහස් දක්වා සිටි එමීර්වරයා අවධාරණය කළේ කටාරය සම්බන්ධ ඕනෑම විසඳුමක් එරට ස්වෛරීත්වයට ගරුකරන්නක් විය යුතු බවය.
එමෙන්ම, ද්වේශසහගතව සිදුකරන මඩ ප්‍රචාරයන්ද සිදුවන බව පවසා සිටි එමීර්වරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් මෙතෙක් අරාබි රාජ්‍යයන්ගෙන් පිළිතුරක් ලැබී නොමැත.