කෞතුක භාණ්ඩ රැස්කරන ඕලන්ද ජාතිකයකු විසින් සොරකම් කළේ යැයි පැවසෙන චීන ජාතික භික්ෂු මමියක් තැන්පත් කර ඇති පිළිමයක් යළි එරටට ලබාදෙන ලෙස ඉල්ලා යුන්ග්චුන්ග් ප්‍රාන්තයේ, ගම්මානයක වැසියෝ නඩුමගට බසිති.
එම කුඩා ගම්මානයක චීන පන්සලක තිබූ භික්ෂු මමිය ඇතුළත් වසර 1,000ක් පමණ පැරණි පිළිමය 1995 දී මෙම ඕලන්ද ජාතිකයා අතට පත්ව ඇති බව කියයි.
ගම්වාසීන් පවසන ආකාරයට ඕලන්ද ජාතිකයා එම පිළිමය මිලදී ගෙන ඇත්තේ හොංකොං දූපතේදීය. එදා සිට මේ පිළිමය ගැන කිසිදු හෝඩුවාවක් නොතිබූ අතර, 2015 වසරේ හංගේරියාවේ ප්‍රදර්ශනයක් සඳහා එය ඉදිරිපත් කිරීමත් සමග මේ පිළිබඳ තොරතුරු අනාවරණය විය.
අතීතයේදී බටහිර ජාතීන් චීනයෙන් සොරකම් කරනලද භාණ්ඩ යළි තම රට වෙත ලබාගැනීම සඳහා චීන බලධාරීන් කටයුතු කරමින් සිටින කාලවකවානුවක යැන්ග්චුන්ග් ප්‍රාන්ත වැසියන්ද මෙම පිළිමය යළි ලබාගැනීම සඳහා සිය අරගලය ආරම්භ කර තිබේ.
ඒ වෙනුවෙන්, ඔවුන් අධිකරණය හමුවට ගියද එයින් මෙතෙක් සහනයක් හිමිවී නොතිබුණද, ඔවුන් සිය සටන අත්හැර නැත.
කෙසේ වෙතත්, මේ වනවිට පිළිමය සන්තකයේ පවතින අයිතිකරුගේ අනන්‍යතාව මෙන්ම, එය පවතින ස්ථානය පිළිබඳ තොරතුරුද රහසක්ව පවතින බවද විදෙස් වාර්තා පවසයි.
නෙදර්ලන්ත අධිකරණයක පනවා ඇති නඩුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙම පිළිමය රැගෙනවිත් තිබූ ඕලන්ද ජාතිකයා පවසා තිබුණේ, චීන දෙපොළක් මුල්කර ගත් එම නඩුකරයට ඕලන්ද නීතිය අනුව නෛතික වලංගුභාවයක් නොමැති බවයි.