ඔෆීලියා සුළි කුණාටුව නිසා එංගලන්තයේ අහස රතුවෙලා


යුරෝපයට ඇතුළු වූ ඔෆීලියා සුළි කුණාටුව සමග ඇදී ආ උෂ්ණ වායු සහ සහරා කාන්තාරයේ දූවිලි අංශු හේතුවෙන් බ්‍රිතාන්‍යයේ ඇතැම් ප්‍රදේශවල ජනතාවට අසාමාන්‍ය රත් පැහැයකින් යුතු අහසක් දක්නට ලැබී ඇත.

එංගලන්තයේ, නිරිතදිග, මිඩ්ලන්ඩ් සහ වයඹදිග ප්‍රදේශවලට මෙම අසාමාන්‍ය රත්පැහැ ගැන්වීම දිස්වී ඇති අතර, හිරුද රත් පැහැයෙන් දිස්වූ බව විදෙස් වාර්තා පවසයි.

මෙම අසාමාන්‍ය තත්ත්වයට පෘතුගාලයේ හා ස්පාඤ්ඤයේ ලැව්ගිනි හේතුවෙන් හටගත් අළු මිශ්‍ර දූලි අංශුද බලපා ඇති බව කාලගුණ අංශ පවසයි.

බ්‍රිතාන්‍ය දූපත්වලට බලපෑ ඔෆීලියා සුළි කුණාටුව හේතුවෙන් ජීවිත හානි කිහිපයක්ද වාර්තා වී තිබූ අතර, අයර්ලන්ත ජනරජයේ නිවාස 120,000 සහ වේල්ස් හි නිවාස 4,000කට විදුලිබලය ඇණහිටීමක්ද වාර්තා විය.

1_Ophilia23



Recommended Articles