ඔසාමාගේ ඥාතීන් රැගත් යානය අනතුරු ඇඟවීම් 6ක් කරලා


ඔසාමා බින් ලාඩ්න්ගේ පවුලේ ඥාතීන් තිදෙනෙකුට මරු කැඳවූ ගුවන් අනතුරට පෙර අදාළ යානය අනතුරු ඇඟවීමේ සංඥා හයක් නිකුත් කර ඇති බව හෙළි වී තිබේ.

පසුගිය 31 වැනිදා බ්‍රිතාන්‍යයේ, හැම්ප්ෂයර් හි බ්ලැක්බුෂ් ගුවන් තොටුපොළට ගොඩබෑමට උත්සාහ කළ අවස්ථාවේදී යානය අනතුරට පත්ව විනාශ වී ගියේය.

මෙම අනතුරින් යානය පැදවූ ජෝර්දාන ජාතික නියමුවාද ජීවිතක්ෂයට පත්විය.

බින් ලාඩ්න්ගේ අර්ධ සොයුරිය වූ සානා මොහම්මද් බින් ලාඩ්න්, ඇගේ මව වූ රාජා බෂීර් හෂීම් සහ ඔහුගේ මස්සිනා වූ සුහයිර් හෂීම් යන අය මෙම අනතුරින් ජීවිතක්ෂයට පත් ඥාතීහුය.



Recommended Articles