ඔස්ට්‍රියාව, යුරෝපය තුළ අන්ත දක්ෂිණාංශික පාලනයක් සහිත එකම රාජ්‍ය බවට පත්වීමේ ලකුණු පෙන්නුම් කරමින්, එරට අන්ත දක්ෂිණාංශික නිදහස් පක්ෂය සහ මධ්‍යස්ථ ජනතා පක්ෂය අතර ඒකාබද්ධ රජයක් පිහිටුවීමට ඔස්ට්‍රියානු ජනපතිවරයාගේ අනුමැතිය හිමිව තිබේ.
මෙසේ බලයට පත්වන අන්ත දක්ෂිණාංශික නිදහස් පක්ෂය රට තුළට සංක්‍රමණිකයන් පැමිණීම මෙන්ම යුරෝපා සංගමයද ප්‍රතික්ෂේප කළ පක්ෂයකි.
මේ සමගම 31 හැවිරිදි වියේ පසුවන ජනතා පක්ෂයේ නායක සෙබස්තියන් කර්ස් ලෝකයේ ළාබාලතම අගමැතිවරයා බවට පත්වීමේ සූදානමින්ද පසුවෙයි.
නව ඒකාබද්ධ රජය පිහිටුවීම පිළිබඳ වැඩිදුරට තොරතුරු මෙතෙක් වාර්තා වී නොමැති වුවත්, දෙපාර්ශ්වයේ ඒකාබද්ධතා ගිවිසුම අනුව නිදහස් පක්ෂය වෙත සැලකිය යුතු අමාත්‍ය ධුර කිහිපයක් ලබාදීමට සූදානම් බව විදෙස් වාර්තා පවසයි.
යුරෝපය වෙත එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාව මෙන්ම, සංක්‍රමණික අර්බුදයද පසුගිය ඔක්තෝබර් මාසයේ පැවති ඔස්ට්‍රියානු මැතිවරණය කෙරෙහි දැඩි බලපෑමක් කළ අතර, මේ තත්ත්වය තුළ කිසිවෙකුට බහුතර බලයක් සහිතව රජයක් පිහිටුවීම සඳහා අවස්ථාවක් නොලැබුණි.