ඇමෙරිකානු අභ්‍යවකාශ ඒජන්සියේ ඔරිඔන් අඟහරු ගවේෂණ යානයේ පර්යේෂණ ගමන්වාරය තාක්ෂණික දෝෂයක් නිසා කල්දමා ඇති බව වාර්තා වෙයි.
නවතම තාක්ෂණික ක්‍රමවේද ඇතුළත්ව ඩෙල්ටා රොකට්ටුවක් ආශ්‍රයෙන් අභ්‍යවකාශයට යන මෙම යානය ෆ්ලොරීඩා හි කේප් කැනවරල් හි සිට ගුවන්ගත වීමට නියමිතව තිබුණි.
කෙසේ වෙතත්, යානය නැවතත් හෙට දිනයේදී අභ්‍යවකාශ ගත කීරීමට ඉංජිනේරුවන් සූදානමින් සිටින බව වාර්තා වෙයි.
මෙම යානය 1960 සහ 70 දශකයේදී මිනිසුන් සඳ මතට ගෙනගිය ඇපලෝ යානය සිහිකරවන්නක් වුවත්, එය වර්තමානයට ගැළපෙන නවීන තාක්ෂණයන්ගෙන් සමන්විත යානයක් බව කියැවෙයි.