ඔබාමාගේ හදිසි ඇෆ්ගන් සංචාරය විමතිය කැඳවයි


ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා ඇෆ්ගනිස්ථානය වෙත හදිසියේ සිදුකළ සංචාරය විමතිය දැනවූවක් බව විදෙස් පුවත් සේවා පවසයි.

කිසිදු පෙර දැනුම්දීමකින් තොරව සිදුකෙරුණු මෙම සංචාරය ලොව පුරා මාධ්‍ය මෙන්ම එටර සේවය කරන ඇමෙරිකානු හමුදා සෙබළුන්ද විමතියට පත් කළ සිදුවීමකි විය.

එරට බග්රම් ගුවන් තොටුපොළ වෙත පැමිණි ඔබාමාට ඉහළ පිළිගැනීමක් ලැබී ඇති අතර, එහිදී ඔහු සෙබළු අමතා කතා කර තිබේ.

මෙය ඔබාමාගේ සිවුවැනි ඇෆ්ගන් සංචාරය බව කියැවෙයි. කෙසේ වෙතත්, මෙවර සංචාරයේදී තමා සමග එක්වන ලෙස ඇෆ්ගනිස්ථාන ජනාධිපති හමීඩ් කර්සායි වෙත ඔබාමා ඇරයුම් කළත් ඔහු එය ප්‍රතික්ෂේප කිරීම සුවිශේෂී සිදුවීමක් බවද කියැවෙයි.

 

 



Recommended Articles