ඔබාමාකෙයාර් අවලංගු කළොත් මිලියන 32කට රක්ෂණයක් නෑලු


ඇමෙරිකාවේ නව රිපබ්ලිකන් පාලනය විසින් ඔබාමාකෙයාර් රක්ෂණාවරණය අවලංගු කරමින් ගෙනෙන නව රක්ෂණාවරණයේදී රක්ෂණලාභීන් මිලියන 32කට එම රක්ෂණාවරණය අහිමි වී යා හැකි බව කොංග්‍රස් මණ්ඩලයේ අයවැය කාර්යාලය පුරෝකථනය කරයි.

එමෙන්ම, මෙම රක්ෂණාවරණය සඳහා වූ වියදම ලබන වසරේ සිට 25%කින්ද, 2026 සිට දෙගුණයකින්ද වැඩිකෙරෙනු ඇති බවද එහි සඳහන්ව තිබේ.

මේ අතර, මෙම පැරණි පනත් අවලංගු කරමින් පැමිණෙන නව පනතින් ෆෙඩරල් අයවැය හිඟයද ඇ.ඩො.බිලියන 473කින් අඩුකෙරෙනු ඇති බව එහි වැඩිදුරටත් කියැවෙයි.

රිපබ්ලිකන් පාලනයේ පවතින සෙනට් මණ්ඩලය මේ දක්වා මෙම පනත සම්මත කරගැනීමට දෙවරක්ම අපොහොසත් විය.

ඒ අනුව, එහි සාමාජිකයන් ලබන සතියේදී මෙම පනත අවලංගු කරමින් නව පනත ගෙනඒම සඳහා ඡන්දය විමසීමට සූදානමින් සිටියි.



Recommended Articles