ඔන්තකේ ගිනිකන්දේ මුදාගැනීමේ මෙහෙයුම් නවතී


ජපානයේ ඔන්තකේ ගිනිකන්ඳ විදාරණය වීමත් සමග ඒ ආශ්‍රිතව සිටි කඳු නගින්නන්ගේ මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති අතර, මේ වනවිට එම අගය 36 දක්වා වැඩි වී තිබේ.

කෙසේ වෙතත්, තවදුරටත් ගිනිකන්දෙන් ගෑස්, ගල් හා අළු පිටවීම හේතුවෙන් ඒ ආශ්‍රිතව කොටුවී සිටින සෙසු කඳුනගින්නන් බේරාගැනීමේ මෙහෙයුම් අත්හැර දැමීමට සහන සේවකයන්ට සිදුව තිබේ.

මෙම ගිනිකන්ද පුපුරායන විට කඳු නගින්නන් සිය ගණනක් ඒ ආශ්‍රිත කඳු නැගීමේ නිරතව සිටි අතර, ඉන් වැඩි දෙනා ආරක්ෂාව පතා ඉක්මණින් පහළට පැමිණියත් තවත් පිරිසක් පහළට පැමිණීමට නොහැකිව ඒ ආසන්නයේ කොටුවිය.

ටෝකියෝවෙන් කිලෝමීටර් 200ක් පමණ දුරින් පිහිටි ගිනිකන්ද හේතුවෙන් තුවාල ලැබූ පිරිසද සුළු පටු නොවේ.

කෙසේ වෙතත්, ගිනිකන්ද පුපුරායෑම සම්බන්ධයෙන් කල්තියා අනතුරු ඇඟවීමක් කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ජනතාව අදාල බලධාරීන්ට චෝදනා කරන බවද වාර්තා වෙයි.



Recommended Articles