ඔන්තකේ ගිනිකන්ඳ හේතුවෙන් මියගිය පිරිස ඉහළට


යමහල් අළු විසුරුවමින් පුපුරායන ජපානයේ ඔන්තකේ ගිනිකන්ද හේතුවෙන් ජීවිතක්ෂයට පත් කඳු නගින්නන් ප්‍රමාණය 31 දක්වා වැඩි වී ඇති බව ජපානයෙන් වාර්තා වෙයි.

හදිසියේම විදාරණයට ලක්වූ ගිනිකන්ද හේතුවෙන් ඒ ආශ්‍රිතව කඳු නැගීමේ යෙදී සිටියවුන් කිසිවක් කරකියා ගත නොහැකි තත්ත්වයට පත්වූ අතර, මියගිය අතරින් වැඩි පිරිසක් හුස්ම ගැනීමට නොහැකිව හදවත ක්‍රියාවිරහිත වීමෙන් මරණයට පත්ව ඇති බව බලධාරීහු පවසති.

මේ අතර, කඳු නැගීමට සහභාගි වූ තවත් පුද්ගලයන් 45ක් පිළිබඳ තොරතුරු නැති බවත්, ඔවුන් මේ වනවිට සොයමින් මෙහෙයුම් සිදුකෙරෙන බවත් ජපානයෙන් වාර්තා වෙයි.

ටෝකියෝ නගරයෙන් කිලෝමීටර් 200ක් පමණ දුරින් මෙම ගිනිකන්ද පුපුරා ගිය අතර, අතිශය රමණීය කඳු පන්තියක් වූයෙන් බොහෝ සංචාරකයන් මෙහි කඳු නැගීම සඳහා පැමිණෙති.



Recommended Articles