එවරස්ට් මාර්ගෝපදේශකයෝ පල්ලම් බසිති -කඳු තරණයට බාධා


එවරස්ට්හි හිමකඳු නායයෑම නිසා කඳු තරණය කරන විදේශීය සංචාරකයන්ට සහාය වන නේපාල මාර්ගෝපදේශකයන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමත් සමග මෙවර කඳු තරණ කාලසීමාව තම ජීවිතවලට අනියත බවක් උදාකර ඇති බව පවසමින් එවරස්ට් මාර්ගෝපදේශකයන් ප්‍රධාන කඳවුරෙන් පල්ලම් බසිමින් සිටින බව වාර්තා වෙයි.

සිය වෘත්තිය ආරක්ෂාව මෙන්ම සංචාරක මාර්ගෝපදේශකයෙකු ලෙස හදිසි අවස්ථාවක නිසි මුදාගැනීමේ ක්‍රමවේද හා ප්‍රතිකාර ක්‍රමවේදයන්ගේ වැඩිදියුණු කිරීම් ඔවුහු ඉල්ලා සිටිති.

ෂෙර්පාවරුන් ලෙස සැලකෙන එවරස්ට් මාර්ගෝපදේශකයන් වැඩි පිරිසක් මේ ආකාරයෙන් ප්‍රධාන කඳවුරෙන් පල්ලම් බැස ඇති අතර, එහි රැඳී සිටින සෙසු පිරිසත් පල්ලම් බැසීම කළහොත් එය මෙම වසරේ එවරස්ට් තරණය නිමා කරන ලකුණක් වනු ඇති බවටද ඇතැම්හු අනතුරු අඟවති.

 



Recommended Articles