එවරස්ට් කඳු තරණයට ගොස් ජීවිතක්ෂයට පත්වූ ඉන්දීය ජාතික කඳු නගින්නාගේ ශරීරය ගුවනින් නේපාලයේ කත්මණ්ඩු නුවරට රැගෙන ඒමට සමත්ව තිබේ.
කඳු තරණයට ගිය රවි කුමාර් අතුරුදන්ව සිටි බව පැවසුණු අතර, ඔහුගේ මළ සිරුර මීට සතියකට පමණ පෙර කපල්ලක තිබී හඳුනාගැනීමට හැකි වී තිබුණි.
ඒ අනුව, මියගිය කුමාර් සහ පසුගිය වසරේදී එවරස්ට් තරණයට ගිය තවත් පුද්ගලයන් දෙදෙනෙකුගේ මළ සිරුරුත් කත්මණ්ඩු නුවරට රැගෙන පැමිණි බව වාර්තා විය.
කුමාර් ඉතා සාර්ථකව එවරස්ට් තරණය කළත්, ඔහු යළි කන්ද බැසීමේදී සිය සහායකයාගෙන් මිදී වෙනම පැමිණ ඇති බව කියැවෙයි.
ඔහුගේ සහායකයා පවසා තිබුණේ මීටර් 200ක පමණ ප්‍රපාතයකට පෙරළී ඔහු මිය යන්නට ඇති බව විශ්වාස කළ බවයි.
මේ අතර ඔහුගේ සහායකයාද මීට පෙර සොයාගෙන තිබුණේ සිහිමුර්ජා තත්ත්වයේ සිටියදීය. එය පොළො මට්ටමින් මීටර් 8,000ක පමණ උස කඳවුරක් ආශ්‍රිතව බවද කියැවෙයි.
මුදාගැනීමේ කණ්ඩායම් පවසන්නේ කුමාර්ගේ ශරීරය එම ස්ථානයෙන් ඉවතට ගැනීම අතිශය අවදානම් සහගත මෙහෙයුමකින් පසුව සිදුකළ බවයි.