එයාර් ඉන්දියා පෞද්ගලීකරණය සඳහා කැබිනට් අනුමැතිය හිමිවේ


විශාල අර්බුදයකට ලක්ව ණය බරින් පීඩිත වූ එයාර් ඉන්දියා ගුවන් සේවය පෞද්ගලීකරණය කිරීම සඳහා ඉන්දීය කැබිනට් මණ්ඩලයේ මූලික අනුමැතිය හිමිව තිබේ.

අඩුමිල ගුවන් සේවයක් ලෙස ප්‍රකට එයාර් ඉන්දියා ගුවන් සේවය පෞද්ගලීකරණයට අවශ්‍ය මූලක අනුමැතිය ලබාදුන් බව එරට මුදල් අමාත්‍ය අරුන් ජෙට්ලී පිළිගෙන ඇත.

කෙසේ වෙතත්, එය සම්පූර්ණයෙන්ම පෞද්ගලික අංශයට විකුණා දැමීමේ අදහසක් නොමැති බව පෙන්වාදෙන අමාත්‍යවරයා, එහි කොපමණ කොටස් ප්‍රමාණයක් පෞද්ගලික අංශයට ලබාදෙන්නේද යන්න පිළිබඳ විමසීම සඳහා විශේෂ කමිටුවක් පත්කර ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.

මීට අමතරව, එම සමාගම මේ වනවිට මුහුණදී සිටින විශාල ණය බරෙන් කොටසක් හෝ සම්පූර්ණ ණය මුදලම අහෝසි කරන්නේද යන්න පිළිබඳවද එම කමිටුව විසින් තීරණය කරනු ඇති බව සඳහන් වේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වාදෙන පරිදි එයාර් ඉන්දියා ගුවන් සේවය මේ වනවිට ඇ.ඩො.කෝටි 800ක දැවන්ත ණය උගුලක සිරවී සිටියි.



Recommended Articles