ඇමෙරිකානු හිටපු බුද්ධි අංශ නිලධාරියෙකු වූ එඩ්වඩ් ස්නොව්ඩන් 2014 Right Livelihood සම්මානය දිනා ඇති බවත්, මෙම සම්මානය ස්වීඩනය විසින් පිරිනමන නොබෙල් සම්මානය හා සමාන විශේෂ සම්මානයක් බවත් පැවසෙයි.
ස්නොව්ඩන් සමග ඔහු හෙළිකළ තොරතුරු වාර්තා කළ බ්‍රිතාන්‍යයේ ගාඩියන් පුවත්පතේ කර්තෘවරයෙකු වූ ඇලන් රස්බ්‍රිජර්ද මෙම ගෞරව සම්මානයෙන් පිදුම් ලබා තිබේ.
මේ අතර, මෙහි මුදල් ත්‍යාග දිනාගැනීමට ක්‍රියාධරයන් තිදෙනෙකු සමත්ව ඇති අතර, පාකිස්ථානය, ශ්‍රී ලංකාව හා ඇමෙරිකාව නියෝජනය කරමින් ඔවුන් එම මුදල් ත්‍යාග ලබාගෙන තිබේ.
කෙසේ වෙතත් ස්නොව්ඩන් වෙනුවෙන් මෙම සම්මානය හිමිවීම ස්වීඩනය යම් දුෂ්කරතාවකට පත්වන අවස්ථාවක් ලෙසද විචාරකයෝ පවසති.
විශේෂයෙන්ම, හෙට (25දා) මෙම සම්මානය පිළිබඳ නිවේදනය කිරීමට නියමිතව තිබුණත්, එය ඊට පෙර එය අද (24දා) එරට SVT රූපවාහිනිය විසින් අනාවරණය කරගෙන තිබුණි.
මුදල් ත්‍යාග ලබාගත් ක්‍රියාධරයන් අතර සිටින ශ්‍රී ලාංකිකයා නීතිවේදියෙකු වන බැසිල් ප්‍රනාන්දු ය. හෙතෙම ආසියානු මානව හිමිකම් කොමිසම නියෝජනය කරන්නෙකි. ඔහු ඇතුළු තිදෙනා අතර ඇ.ඩො.210,000ක මුදලක් බෙදී ගොස් තිබේ.