එච්අයිවී ආසාධිතයන්ට ආයු අපේක්ෂාව ගැන බලාපොරොත්තු


එච්.අයි.වී. ආසාධිත තරුණ ප්‍රජාවට එම වෛරසයට ගොදුරු වූ මුල් අවධියට වඩා, වැඩි ආයු අපේක්ෂාවක් පිළිබඳ බලාපොරොත්තු තබාගත හැකි බව අනාවරණය කරගෙන තිබේ.

එහිදී, වර්ෂ 1996 වසරේදී එච්.අයි.වී, ප්‍රතිකාර ඇරඹූවන්ට වඩා, 2010 වසරේදී ප්‍රතිකාර ලැබූවන්ගේ ආයු අපේක්ෂාව වසර 10කින් පමණ ඉහළ ගොස් ඇති බව බී.බී.සී. පුවත් සේවය පවසයි.

එමෙන්ම, වෛද්‍යවරුන් පවසන්නේ වෛරසයට ගොදුරු වූවන්, ඉක්මණින්ම ප්‍රතිකාර අරඹන්නේ නම් ඔවුන්ට වැඩි ආයු කාලයක් මෙන්ම, මනා සෞඛ්‍යයක් පවත්වා ගැනීමට හැකිවනු ඇති බවයි.

කෙසේ වෙතත්, එච්.අයි.වී. ආසාධිතයන් වැඩි දෙනෙකු තමන් වෛරසයට ගොදුරු වී ඇති බව නොදැන සිටින බව මේ සම්බන්ධයෙන් කටයුතු කරන ආයතන පෙන්වා දෙයි.



Recommended Articles