එක් අපේක්ෂකයෙක් තරග වදින ජනාධිපතිවරණයක්?


හයිටි රාජ්‍ය තුළ ඇමෙරිකානු සහාය ඇතිව පැවැත්වෙන මැතිවරණය සාධාරණ මැතිවරණයක් නොවන බව පවසමින් වත්මන් පාලක පක්ෂයේ අපේක්ෂකයා හැර සෙසු අපේක්ෂකයන් මැතිවරණය වර්ජනය කිරීමට සූදානමින් සිටියි.

වත්මන් පාලක පක්ෂයේ අපේක්ෂකයා වන ජොවෙනල් මොයිස් මැතිවරණයේ පූර්ව සංගණන අනුව ඉදිරියෙන් සිටින බව පැවසුණත්, මෙය මැතිවරණ මංකොල්ලයක් බව විරුද්ධ පක්ෂ පවසයි.

මේ හේතුවෙන්, හයිටි රාජ්‍යයේ වරින් වර උද්ඝෝෂණ හා ප්‍රචණ්ඩ ක්‍රියා වර්ධනය වීමක්ද පසුගිය සතියේ දක්නට ලැබුණි.



Recommended Articles